Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තලපති විජේ ඉන්දියාව හොල්ලයි

ඉන්දීය නළු තලපති විජේ සිය නව පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් පක්ෂයේ මංගල දේශපාලන රැළිය ඊයේ දින පැවැත්විනි. සමාරම්භක උත්සවය ඔක්තෝබර් 27 වන දින තමිල්නාඩුවේ වික්‍රවන්දි හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ආධාරකරුවන් අති විශාල පිරිසක් සහභාගී වී තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 50 හැවිරිදි සී. ජෝසප් විජේ තමිලාග වෙට්‍රි කසාගම් නියෝජනය කරමින් 2026 වසරේ ප්‍රාන්ත මැතිවරණයට තරඟ කරයි.

ඔහු දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව කළේ දේශපාලන ක්ෂේත්‍රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්. තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ පක්ෂය විවේචනයට ලක් කරමින් එහිදී ඔහු පවසා සිටියේ එක් පවුලක් ද්‍රවිඩ ජනතාවගේ මතවාදයන් ඔස්සේ ප්‍රාන්තය කොල්ලකෑමට උත්සහ දරණ බවයි.

තවද කාන්තා හිංසනයන්ට ලක්ව සියදිවි නසාගැනීම් කටයුතු කළ අය විජය සිහිපත් කළ අතර, ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද  ඔහු එහිදී සඳහන් කර සිටියා. 2026 ප්‍රාන්ත සභා මැතිවරණයේදී තම පක්ෂය වන TVK තනි විශාලතම පක්ෂය බවට පත් කිරීම සැලසුම බව ඔහු පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක විදුලිය විසන්ධි කරයි

Mohamed Dilsad

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 12දෙනා අද දිවයිනට

Mohamed Dilsad

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment