Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට අදාළව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි. කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ අද (28) අදහස් දක්වමින් තනාපතිනිය එසේ පැවසුවාය.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින ලෙස පමණක් එක්සත් ජනපදය උපදෙස් ලබාදී ඇතැයි තානාපතිවරිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පැනවීමක් නොවන අතර ඒ ආකාරයේ “දෙවැනි මට්ටමේ” සංචාරක උපදේශනයක් එක්සත් ජනපදය විසින් පනවා ඇති එකම රට ලංකාව පමණක් නොවන බවද ඇය ප්‍රකාශ කළාය.

තානාපතිනිය මෙසේ ද කීවාය. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවලා නෑ කොහෙත්තම. පසුගිය සතියේ අපේ ආරක්ෂක අනතුරු ඇඟවීම සිදුකළේ අමෙරිකානු පුරවැසියන් ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ යන්න එපා කියලා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නෑ. ඒක එහෙම්මමයි. එය දෙවැනි පෙළේ. එය බොහෝ වසර ගණනක් පැවතුණේ එහෙමයි. එය මාලදිවයින, ඉතාලිය සහ ප්‍රංශය වෙනුවෙන් නිකුත්කර ඇති සංචාරක උපදේශන හා සමානයි. ඒවා ඔක්කොම දෙවෙන මට්ටමේ ශ්‍රී ලංකාවටත් එහෙමයි යැයි ද කීවාය. රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.

Related posts

Mohammed bin Salman named Saudi Arabia’s Crown Prince

Mohamed Dilsad

The Prison Guard who was arrested suspended from work

Mohamed Dilsad

සතොස භාණ්ඩ වර්ග 6 ක මිල අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment