Trending Newsඑසැන පුවත්දේශීය

රට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිට

රටපුරා වී මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

රටේ සහල් මිල ඉහළ යන බැවින් ඊට කඩිනමින් පියවර ගැනීම සදහා වී මෝල් හිමියන් සතු සහල් තොග සම්බන්ධ වාර්තාවක් කඩිනමින් තමාට ලබාදෙන ලෙස ජනාධිපති අනුර දිසානායක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය සතියේදී දැනුම් දී තිබිණ. ඒ අනුව, එම සමීක්ෂණය පෙරේදා (26 ) සහ ඊයේ (27) දිනයේදී සිදු කෙරුණි. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වී මෝල්වල තිබෙන වී තොග පිළිබඳ වාර්තා ලබාගත් බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කීවේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ, දිවයින පුරා වී මෝල් රැසක් තිබෙන බැවින් සමීක්ෂණය සඳහා තවත් දින කීපයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවය. ඇතැම් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී මෝල් 200 කට අධික ප්‍රමාණයක් පවතින බවද ඔහු කීවේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සීමිත නිලධාරීන් පිරිසක් සිටින නිසා දිවයින පුරා සියලු වී මෝල්වල තොරතුරු දින දෙකකින් ලබා ගැනීම ප්‍රායෝගික වශයෙන්ද ගැටලු තත්ත්වයක් බව ද සභාපතිවරයා පැවැසුවේය.

Related posts

අතපසු වූ අයට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

Mohamed Dilsad

Oscar nominations 2019: Biggest snubs and surprises

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment