දේශීය

අතපසු වූ අයට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

(UTV | කොළඹ ) – අද (20) තැපැල් ඡන්ද අයදුම්කරුවන් ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය සතියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් ට අද සහ හෙට (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස්, තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම්කරුවන් ට හැකියාව පවතී.

තවද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

උද්ධමනය අඩුවෙයි.

Editor O

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment