දේශීය

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

(UTV|කොළඹ ) – අද දිනයේත්   සබරගමුව ,බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශය සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි .

Related posts

බිත්තර ගැන ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Mohamed Dilsad

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment