දේශීය

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

(UTV|කොළඹ ) – අද දිනයේත්   සබරගමුව ,බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශය සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි .

Related posts

පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ වැඩසටහනක්

Editor O

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

ගංවතුරට හසූ වූ සහල් වෙළඳපොළට එවීමේ කූට ජාවාරමක් ගැන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

Editor O

Leave a Comment