Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව පේනවා – වෛද්‍ය රමේෂ් පතිරණ

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව ප්‍රදර්ශනය වෙමින් ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පතිරණ මහතා එසේ පැවසීය.

රමේෂ් පතිරණ මහතා මෙසේ ද කීවේය. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කණ්ඩායම ශක්තිමත්ව සහ ජවසම්පන්නව මැතිවරණ කටයුතු කරගෙන යනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී හොඳ ඡන්ද පදනමක් අපට ලැබුණා. ඒ අනුව සෑම ආසනයකින්ම තවත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායම ශක්තිමත්. වෘත්තීයවේදීන් සහ මහජන හිතකාමී දේශපාලනයක නියැලෙන හොඳ මහජන ප්‍රසාදයක් තිබෙන අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව පේනවා. බඩු මිල අඩු කිරීම, ජීවන වියදම පහළදැමීම, වැටුප් වැඩිකිරීම, බදු අඩු කිරීම වැනි කාරණා ඔවුන්ට ඉටු කළ නොහැකි බව පැහැදිලියි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයේ දී තමන් ඡන්දය දෙන අපේක්ෂකයා කවුදැයි ජනතාව දැනුවත් විය යුතුයි. තමන්ගේ කොට්ඨාසයට පත්කරන අපේක්ෂකයා ගැන ජනතාවට අවබෝධයක් තිබිය යුතුයි. වත්මන් ආණ්ඩුව අපේක්ෂකයන්ට ඡන්දේ දෙන්න එපා කියනවා. මහජනතාවගේ ඡන්දය ලැබෙන අපේක්ෂකයා ම පාර්ලිමේන්තුවට තේරීපත්වෙනවද කියන කාරණය පිළිබඳව ඡන්ද දායකයා දැනුවත් විය යුතුයි.

අධ්‍යාපන සුදුසුකම්වගේම මහජනතාවගේ හැසිරීම සහ ජනතා අභිලාෂයන් පිළිබඳව අපේක්ෂකයන් සංවේදී විය යුතුයි. ඉතිහාසය දිහා බැලුවාම උපාධිධාරීන් නොවන පිරිසකුත් මහජන නියෝජිතයන් ලෙස ඉතා විශිෂ්ඨ සමාජ මෙහෙවරක් කර තිබෙනවා.

Related posts

රටවල් 194 ක් අතරින් ලංකාව එන්නත්කරණයෙන් 03 වන ස්ථානයට

Mohamed Dilsad

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Mohamed Dilsad

Chris Gayle back in West Indies squad to face England in ODI series

Mohamed Dilsad

Leave a Comment