Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාර දෙන්න ප්‍රමාද වුණ කාරණය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් වාර්තා නියමිත වේලාවට මැතිවරණ කොමිසම වෙත බරදීමට තමන්ට නොහැකි වූයේ ගංවතුර තත්වය නිසා බව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරග කළ බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසති. බත්තරමුල්ලේ සීලරතන හිමි මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සීලරතන හිමියෝ මෙසේ ද පැවැසූහ. “ආදායම් වියදම් බාරදීමේ දී ප්‍රමාදයක් වුණා. අපට ගොඩාක් ප්‍රශ්න ඇතිවුණා. ෆයිල් එක දීගන්න ගේන්න විදියක්වත් නැතිවුණා, ගංවතුරෙන් අපි අතරමං වුණා. දහවෙනිදා මං ගෙනත් දෙන්න හිටියෙ, දහවෙනිදා වෙනකොට අඩි හතක් උසට විහාරස්ථානය යටවුණා. මම ගරු කොමසාරිස්තුමාලාගෙන් ඉල්ලා සිටිනවා අපට සහනයක් ලබාදෙන්න කියලා. සියලුම ජනතාවට මම කියනවා ජනසෙත පෙරමුණ මැතිවරණ නීතියට ගරු කරනවා. මගේ හිස නමා ගරු කරනවා මැතිවරණ කොමිසමටත් නීතියටත් මම නීතිගරුක කෙනෙක් නිසා. ආදායම් වියදම් වාර්තා බාර දුන්නේ පැයක දෙකක ප්‍රමාදයක් සිදුවුනා.

ඇත්ත වශයෙන් මට ඉතින් එච්චර වියදම් කරන්න මහා පරිමාණයෙන් මුදල් නෑ. සාමාන්‍ය ගාණක් ගියා. සාමාන්‍ය විදියට, රුපියල් ලක්ෂ 17 – 20ක් වගේ. මිනිස්සු මට මුදල් දුන්නා, ඒ මුදල්වලින් තමයි මම මේක කරගෙන ගියෙ” යැයි සීලරතන හිමියෝ සඳහන් කළහ.

Related posts

නුවරඑළියේ තවත් ග්‍රාම නිලධාරි වසමක් හුදෙකලා බවින් නිදහස් කරයි

Mohamed Dilsad

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

තහනම් කළ අන්තවාදී සංවිධාන ගැන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment