Trending Newsඑසැන පුවත්දේශීය

⁣මන්නාරම මුහුදේ ධීවර යාත්‍රා දෙකක් ගැටී අනතුරක්

මන්නාරමෙන් මුහුදු ගිය ධීවර යයාත්‍රා දෙකක් එකිනෙක ගැටීමෙන් එක් ධීවරයෙකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි වාර්තා වේ. . ඊ‍යේ (15) සිදුවි ඇති මෙම අනතුරෙන් ධීවර යාත්‍රා දෙකටම දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

මෙම අනතුර සිදුව ඇත්තේ මන්නාරම මූහුදේ වෙරළාසන්නයට යාත්‍රා දෙක පැමිණීමත් සමගය. මෙම අනතුරෙන් එක් ධීවර යාත්‍රාවක් දෙකට කැඩී මුහුදේ පාවී ගොස් ඇති අතර එහි සිටි ධීවරයින් දෙදෙනා වෙනත් ධීවරයින් පිරිසක් විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන විත් ඇත.

බරපතල ලෙස තුවල ලබා ඇත්තේ එම යාත්‍රාවේ සිටි ධීවරයෙකු වන අතර දෙකට කැඩුණු යාත්‍රාවද ධීවරයින් පිරිසක් විසින් ගොඩ බිමට ඇදගෙන විත් ඇති බව සඳහන්. අනතුර හේතුවෙන් අනෙක් යාත්‍රාවේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර විනාශවී ගොස් ඇත. බරපතල ලෙස තුවාල ලැබූ ධීවරයා ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ. . ධීවර යාත්‍රා දෙකෙහිම හිමිකරුවන් විසින් මේ පිළිබදව මන්නාරම පොලීසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා. .

Related posts

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

Mohamed Dilsad

කෘෂි ඇමති මහින්දානන්දට විශ්වාසභංගයක්

Mohamed Dilsad

ரயில்வே பணிப்புறக்கணிப்பு தற்காலிகமாக இடைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment