Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි..

එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශ්වයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පළ කරන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරලා නැහැ. අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා

.දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා. මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.”

Related posts

Warner’s century leads Australia to victory over spirited Pakistan

Mohamed Dilsad

සීඅයිඩීය, ආචාර්යය පට්ටමක් ගැන පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. සභා නායක කාර්යාලයෙන් ආචාර්යය පට්ටම දුන් බව අනාවරණය වෙයි.

Editor O

Court suspends RI imposed on Gnasara Thero for 5-years

Mohamed Dilsad

Leave a Comment