Trending Newsඑසැන පුවත්දේශීය

ජනපතිතුමනි, හඳුන්නෙත්ති කියපු විදියට බදු නැතිව පෙට‍්‍රල් ලීටරේ රු. 150ට දෙන්න – නීතීඥ උදය ගම්මන්පිළ

‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ගම්මන්පිළ මහතා මෙසේ ද කීවේය. ”‘ජනාධිපතිතුමාත් වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාත් විපක්ෂයේ ඉන්න කාලයේ නිරතුරුව කිව්ව දෙයක් තමයි අසාධාරණ ලෙස බදු ගහලා නැතිනම් පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 150ට විකුණන්න පුළුවන් කියලා. ඛනිජතෙල් පනත අනුව බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය අරගෙන තමයි පෙට්‍රල් ඩීසල් මිල තීරණය කළ යුත්තේ.

ලෝකයේ සෑම රටකම තෙල් මත බදු අය කරන බවත් බදු ආදායමක් ලැබිය හැක්කේ ඛනිජතෙල්, දුම්වැටි, මත්පැන් සහ වාහන වැනි අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ මත බදු අය කිරීමෙන් බවත් උසස් පෙලට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් පවා දන්නා කාරණයක්.

මේ බදු අසාධාරණ බවට මැතිවරණ වේදිකාවේ කියලා බලය ගත්තත් දැන් ඒ බදු ඉවත් කරන්නේ නැත්තේ ඇයි? ඒ බදු ඉවත් කරන්න බැරි බව දනිමින් ඒවා ගැන බලය ලබා ගන්න බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටූ බවයි ඒකෙන් පේන්නේ’””

Related posts

இன்று முதல் பொசொன் நோன்மதி தினத்தை முன்னிட்டு வட மத்திய பாடசாலைகளுக்கு விடுமுறை

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Cody Simpson opens up about his feelings over Miley Cyrus romance with Kaitlynn Carter

Mohamed Dilsad

Leave a Comment