Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.

පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ ”විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය” හා “ජාතික ජන සභා ලේකම් කාර්යාලය” සහ “කෘෂි කර්ම නවීකරණ වැඩසටහන” ක්‍රියාත්මකවීම අත්හිටුවා ඇත.

ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපනය කර තිබුණේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා ය. එම ව්‍යාපෘතීන් සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරින් / උපදේශකයින් පත් කර තිබිණ,

කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම කාර්යාල සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ, උපදේශකයින්ගේ සේවය සැප්තැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

Related posts

Seventeen arrested at Matara hotel remanded

Mohamed Dilsad

GMOA request a meeting with the President

Mohamed Dilsad

Microsoft’s GitHub blocks Catalan protest app – [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment