දේශීය

එක්දරු පියෙකු ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (31) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

 

ඒ, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුටය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.

 

2014 වසරේ මැයි මස 17 වනදා කොළඹ, තොටලඟ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇතැයි සඳහන් කළේය.

 

විත්තිකරුට පෙර වැරදි පවතින බවට අධිකරණයට වාර්තා කර තිබූ අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව 43 හැවිරිදි විත්තිකරුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබුණි.

 

 

Related posts

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩවර්ජනයක් අරඹයි.

Editor O

Leave a Comment