දේශීය

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා තම සමාගමට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති බව සයිනොපෙක් සමාගම පවසයි.

 

හොංකොං හිදී මාධ්‍ය අමතමින්, තම සමාගමේ ඉදිරි සැලසුම් ගැන අදහස් දක්වමින් එහි සභාපති Yu Baocai ඒ බව පැවසීය.

 

අපනයනය අරමුණු කරගෙන හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපනය සඳහා සයිනොපෙක් සමාගම සහ වයිටෝල් සමාගම මූලික වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් තෝරාගෙන තිබේ.

 

එසේම ලබන මාසයේදී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන විකිණීමේ කටයුතු ආරම්භ කිරීමටද සයිනොපෙක් සමාගම සූදානම්ව සිටියි.

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ ඇරඹීමට අදාළව විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

PCR පරීක්ෂණ සඳහා කටුනායකට නවතම වෛද්‍ය රසායනාගාරයක් [PHOTOS]

Mohamed Dilsad

දේශිය පොල්තෙල් මිළ වැඩි කරන්න සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment