දේශීය

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාසයේදී සැලකියයුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ඒ, අනුව 2022 වසරේ පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන ‍205ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

 

පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

 

එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

Related posts

රෑට – රෑට ගිනි ගන්න කොළඹ නගරයේ ගොඩනැගිල්ල

Editor O

PCR පරික්ෂාවන්ට වරාය සේවකයන් යොමු කරන්නැයි ඉල්ලිමක්

Mohamed Dilsad

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

Leave a Comment