Trending Newsඑසැන පුවත්දේශීය

මැති-ඇමතිවරුන්ගේ ආරක්ෂාවෙන් ඉවත් කළ ප්‍රභූ ආරක්ෂකයන් 1200ක ට මේ දක්වා නිශ්චිත රාජකාරී පවරා නැහැ.

ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි ආරක්ෂකයින් ඉවත් කර ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයට කැඳවීමට කටයුතු කළත් මෙතෙක් කිසිඳු රාජකාරියක් තමන්ට පවරා නොමැති බව එම පොලිස් නිලධාරීන් සඳහන් කරයි. එම පොලිස් නිලධාරීන්ගෙන් සංචිතයට යොමු කර ඇති බවද අනාවරණය වෙයි.

නිශ්චිත රාජකාරියක් පවරා නැති හෙයින්, යළි නිවෙස්වලට හරවා යැවීම සහ නිවාඩු ලබාදීම සිදුකරන බවත්, ඒ තත්ත්වය හේතුවෙන්, තමන් මහත් අසීරුතාවයකට පත්ව සිටින බවද එම පොලිස් නිලධාරීන් සඳහන් කරති. මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට සිටිය පොලිස් නිලධාරින් 1200 දෙනෙකු පමණ එකවර මූලස්ථානයට පැමිණීමේදී එහි ඉඩකඩද සීමිත වන බවද සඳහන්.

Related posts

මෙරට 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

මව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.

Editor O

හිටපු හමුදාපතිවරයෙක් ට එරෙහි පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

Editor O

Leave a Comment