Trending Newsඑසැන පුවත්දේශීය

මව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක්, මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබේ.

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් අතර, එහිදී එම පක්ෂයේ සභාපති ධුරය ට පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් අතර, ඔහු පක්ෂයේ උප සභාපති ධුරයට පත් කෙරිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද, මව්බිම ජනතා පක්ෂයට සාමාජිකත්වයට ලබා ගත් අතර, ඔහු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසෙ පත් කර තිබේ. එම පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා පත් කර තිබේ.

Related posts

කුවේටයේ සිටින ලාංකිකයන් පිරිසක් හෙට දිවයිනට

Mohamed Dilsad

இனவாதம் நாட்டில் மேலோங்கி இருப்பதாக பாராளுமன்றத்தில் றிஷாட் பதியுத்தீன் முழக்கம்.

Mohamed Dilsad

முதலாம் நாள் ஆட்ட முடிவின் போது 2 ஓட்டங்களைப் பெற்றுள்ள மேற்கிந்திய தீவுகள் அணி!!

Mohamed Dilsad

Leave a Comment