Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු හමුදාපතිවරයෙක් ට එරෙහි පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

පසුගිය සමයේ තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) දින අවසර ලබා දුන්නේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා. ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබූ බව සඳාහන් වේ.

Related posts

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවක

Editor O

සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment