Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා බාල බෙහෙත්….?

රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති ඇතැම් ඖෂධ පෞද්ගලික අංශයේ වෙළඳ සැල් තුළ අඩු මිල ගණන්වලට ලබාගත හැකි තත්ත්වයක් පවතින නමුත් එම බොහෝ ඖෂධවල පැවතිය යුතු නියමිත රසායනික සංඝටක පවා නොමැති බවට සැක වාර්තා වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එසේම ඇතැම් අවස්ථාවලදී මෙම ඖෂධ නිෂ්පාදනය කළ බවට සඳහන් අලවැ ඇති ලේබල වල සඳහන් වන අන්දමේ සමාගම් පවා එම රටවල් නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට හෝ ඉතා වැඩි මිල ගණන්වලට ප්‍රධාන පෙළේ රෝහල් අසල ෆාමසිවල අලෙවි කරන අතර මේ සම්බන්ධව නිසි නියාමනයක් සිදුවිය යුතු බවට තමන් අවස්ථා ගණනාවක් පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධව මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවද ඔහු සඳහන් කරයි.

නිදසුනක් වශයෙන් පැපාවරීන් නම් ඖෂධය ් සාමාන්‍යයෙන් රජය මිලදී ගැනීමේදී රුපියල් පනස් දහසකට අධික මිලකට මිලදී ගැනීමට සිදුවන අතර එම ඖෂධයම රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකට බාහිරව් සුහල්වල පවතින බව පසුගිය කාලයේදී වාර්තා වූ අතර මෙම ඇතැම් ඖෂධ වල කිසිදු රසායනික ප්‍රමිතියක් නොමැති බව මෙන්ම එම සමාගම් ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක නොවන බව අනාවරණය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය යටතේ ඉතා අඩු මිල ගණන්වලට වෙළඳපොලේ ඖෂධ පවතින බවට වැරදි මතයක් ජනගත වන බවත් මෙසේ ඉතා අඩු මිල ගණන්වලට පවතින ඖෂධ හදිසි වැටලීම් හරහා නිසි පරිදි විද්‍යාත්මක නීරක්ෂණයන්ට ලක් නොකළහොත් ඖෂධ භාවිතා කරන රෝගීන්ට සංකූලතා මතුවීමේ දැඩි අවධානමක් පවතින බවද ඔහු පවසයි.

Related posts

ගමක්ම බිය වැද්දූ අඹුසැමි යුවළ පොලිස් කූඩුවේ

Mohamed Dilsad

පොලීතීන් බෑග් සඳහා අද සිට බලපාන නීතිය මෙන්න

Editor O

නායයෑමක් නිසා කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment