Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් වෙන් කර ඇති බවද ඒ මහතා කීවේය. මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා අද (19) සහ හෙට (20) යන දිනවල දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

Mohamed Dilsad

Harsha invites Australia to collaborate on natural resources, survey of minerals

Mohamed Dilsad

பிறந்த குழந்தைக்கு தந்தை செய்த காரியம்

Mohamed Dilsad

Leave a Comment