Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් වෙන් කර ඇති බවද ඒ මහතා කීවේය. මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා අද (19) සහ හෙට (20) යන දිනවල දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

பயங்கரவாதிகளின் ஆதரவுடன் சஜித் போட்டியிடுவதாக பந்துல தெரிவிப்பு

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

Mohamed Dilsad

முதல் போட்டியில் ரஷியா வெல்லும் – அசிலிஷ் பூனை கணிப்பு

Mohamed Dilsad

Leave a Comment