Trending Newsඑසැන පුවත්දේශීය

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද නැත්ද යන්න ජනතාව තීරණය කළ යුතුබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ මිනිවන්ගොඩ පුළුවන් ශ්‍රී ලංකා ජන රැළිය අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ, ඩීසල් පෝලිමේ ඉන්න වුණේ 2022 වර්ෂයේ. . පොහොර තිබුණේ නැහැ, ආහාර තිබුණේ නැහැ. සම්පූර්ණ ආර්ථිකය කඩා වැටුණා, ඒ වෙලාවේ රටේ ආර්ථිකය කඩා වැටුණා. අගමැතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්වුණා. කවුරුවත් ආණ්ඩුව භාරගන්න හිටියේ නැහැ. ඒ කාලේ අනුර දිසානායකව හොයාගන්නත් බැරිවුණා. ඒ අයට තේරුණේ නැද්ද ඔබේ වේදනාව, පෝලිම්වල හිටපු එක, ඒ වෙලාවේ හැංගුන අය දැන් බලය ඉල්ලනවා. ඒ අසීරුඅවස්ථාවේ මම ඉදිරිපත් වෙලා රට ගොඩගත්තා. ප්‍රශ්න එකෙන් එක විසඳුවා.

දැන් ඇවිල්ලා කියනවා මටත් දැන් චාන්ස් එකක් දෙන්න කියලා. 21 වැනිදා ඔබේ අනාගතය මේ අයට දෙනවාද? බන්දේසියේ දාලා දීලා ඔබේ අනාගතය නැති කරගන්නවාද? මං අහන්නේ ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද? අනාගතය නැති කරගන්න එපා. අපි ඉදිරියට යමු, ඒ වරමයි මං ඉල්ලන්නේ. අන්න ඒකයි 21 වැනිදා කරන්න තියෙන්නේ. ඔබේ ඡන්දෙන් මට රට බාර දෙන්න. ඔබේ ආනගතය මම සුරක්ෂිත කරන්නම්.

Related posts

பெரும்பாலான பிரதேசங்களில் சீரான காலநிலை…

Mohamed Dilsad

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

“Farmers in the North need not sell their harvest to black marketers” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

Leave a Comment