Trending Newsඑසැන පුවත්දේශීය

පහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවකින් විභාග දෙපාර්තමේන්තුව රත්වෙයි. විභාග කොමසාරිස්ට තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි මව්පියන්ගෙන් බලපෑම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මව්පියන් විරෝධතාවයක නිරත ව සිටිති.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මව්පියන් විරෝධය පළ කරති.

විරෝධතාවයේ නිරත පිරිසෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් බාරදී තිබේ. එම ස්ථානයට පොලීසිය සහ කැරලි මර්දන ඒකකය ගෙන්වා කැඳවා තිබේ. විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් සඳහන් කළහ.

Related posts

காற்றுடன் கூடிய காலநிலையில் அதிகரிப்பு

Mohamed Dilsad

புதிய கலக்சி எனப்படும் நட்சத்திரமண்டலத்துக்கு, சரஸ்வதி என பெயர்

Mohamed Dilsad

අවු.15ට වැඩි සැමට නව ඩිජිටල් හැඳුනුම් පතක්

Mohamed Dilsad

Leave a Comment