දේශීය

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

(UTV | කොළඹ ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator)භාවිත කිරීමට අවසර දී තිබේ.

ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට ගණක යන්ත්‍ර (Calculator) භාවිතා කිරීමට අවසර දෙනු ඇත.

ඉදිරියේදී තවත් විෂයන් කිහිපයක් සඳහා ද ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත සඳහන් කළේය.

Related posts

ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හෙට (21) රටින් යයි.

Editor O

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment