Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන් යානයේ පැමිණි කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගයක් අරන් පනී.

අබුඩාබි සිට කටුනායක දක්වා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය අද(29) අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාවද එකී ගුවන්යානයේ පැමිණ ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙක් වන අතර ගෘහ සේවිකාව වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියකි. ඇය අද (29) උදෑසන 08.38 ට අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණ,

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , සියලුම ගුවන් මගීන් , තම ගුවන් යානයෙන් බැස ගිය පසු , ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබේ .

පසුව ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමා කර , ඔවුන් සිය ගමන් මලු රැගෙන , ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වනවිට , ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඉන්පසුව ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය දැනුවත් කිරීමෙන් පසු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර තිබේ. එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක් , ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන , වහා ගුවන් තොටුපොළ වෙනත් ස්ථානයකට ගොස් , එම ගමන් බෑගය , ඇය සිය බඩුබාහිරාදිය රැගෙන යන ට්‍රොලි ය තුළ සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය තිබේ.

එම කැමරා දර්ශන අනුව, ඇය වහ වහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙම ත්‍රිරෝද රථය හඳුනා ගන්නා ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය ඇතුළු එහි නිලධාරීන් ,මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දන්වා , එම ත්‍රිරෝද රථයේ රියැදුරුවරයාගේ මග පෙන්වීම මත , වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි එම ගෘහ සේවිකාවගේ නිවෙස වෙත ගොස් , ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගත් කාන්තාව අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගත් ගෘහ සේවිකාව සහ ඇය විසින් සොරා ගත් ගමන් බෑගය ද සමග මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ,

Related posts

ICC notes pollution concerns after India – Sri Lanka Test

Mohamed Dilsad

32 பட்டதாரி மாணவர்களுக்கு சுயதொழில்வாய்ப்பு ஊக்குவிப்புக் கொடுப்பனவு

Mohamed Dilsad

பியர் பாவனை 12 வீதத்தால் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment