Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

හිටපු ජනාධිපතිට වෙඩි තැබූ සැකකරු අල්ලයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ෆ්ලොරීඩා හිදී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එහිදී ට්‍රම්ප් සුළු තුවාල සිදුවිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා කරන ස්ථානයට ඉදිරියෙන් ගොල්ෆ් පිටියේ පඳුරු අතර ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක් ස්ථානගත කර තිබූ ගිනි අවියක් රහස් සේවා නියෝජිතයෙකු විසින් දැක වෙඩි තබා තිබෙනවා. අනතුරුව එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ඉන් ඉවත්ව කළු පැහැති මෝටර් රථයකින් පලාගොස් තිබෙනවා.

පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එහි තිබී දුරදක්නයක් සහ නවීන කැමරාවක් සහ තවත් උපාංග කිහිපයක් සොයාගෙන ඇති අතර එරට ආරක්ෂක අංශ විසින් ලැබුණු තොරතුරක් මත සිදු කරනු ලැබූ වැටලීමකින් වෙඩි තැබීම කළේ යැයි කියන 58 වියැති පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

දේශබන්දුගේ හැසිරීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

Leave a Comment