දේශීයව්‍යාපාරික

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

(UTV | කොළඹ) – ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලද පැමිණිලි මත අදාල වැටලීම් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනාගාරයකින්ම ලබාගත් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ප්‍රමිතියට අනුකූල නොවන ආකාරයෙන් දගර වානේ නිෂ්පාදනය කරන්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

වට්ස්ඇප් ගිණුම්වෙත අනවසර ප්‍රවේශයන් පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළට

Editor O

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට

Mohamed Dilsad

Leave a Comment