Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය ප්‍රකාශ කරන දින සහ පශ්චාත් මැතිවරණ සමයේ රට තුළ ඇති වියහැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ සීරුවෙන්.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵළ ප්‍රකාශ කරන ඊට පසුදින, රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා තිබේ.

රට තුළ හදිසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දීමයි. ඒ අනුව, ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

ඕනෑම හදිසි තත්ත්වයකදී පොලිසියේ සහායට හමුදාව යෙදවීම හා හදිසි තත්ත්වයකදී හමුදාවට බලතල භාවිත කළ හැකි ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ලබාගෙන තිබේ.තවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. හදිසි ආරක්ෂක සැලැස්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස් ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සකස් කිරීමට කටයුතු යොදා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු හා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී ඒ පිළිබඳ වැඩිදුර සාක්ච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් පසු ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයට පෙර හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.

Related posts

ஜப்பானிய பாதுகாப்பு அமைச்சர் இலங்கை வருகை

Mohamed Dilsad

Colombo – Katunayake luxury private buses on strike

Mohamed Dilsad

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

Mohamed Dilsad

Leave a Comment