දේශීය

උතුරු නැගෙනහිර මුහුද ප්‍රචණ්ඩ වෙයි

(UTV| කොළඹ) – නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර 280 ක් දුරින් ඊසාන දෙසට වන්නට ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 24 ක කාලය තුළ එය චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් උතුර, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං ඇතිවිය හැකියි.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇත.

උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර , උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50-100 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධ නඩුවේ නියෝගය ලබන මාසයට

Mohamed Dilsad

දැරියව අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කළ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සුවය ලැබු නාවිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment