Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා එෆ්ඩීජී නිෂ්පාදනයට ආයෝජන සැපයීමේ ගිවිසුමක්

මෙරට පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණ කරන, පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය එෆ්ඩීජී නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම, දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රී  ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම සමග ගිවිසුමකට එළඹ තිබේ.

මෙමගින්, මෙරට රජයේ රෝහල්වල සතියකට වරක් භාවිතා කරන පෙට් ස්කෑනර් වල භාවිතය වැඩිවනු ඇත. දැනට ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය වන එෆ්ඩීජී ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන්නේ සතියකට වරක් වන අතර එම ආනයනික එෆ්ඩීජී වලින්ද 97% ක් ආනයන ක්‍රියාවලියේ දී අපතේ යයි. මෙම හේතුව නිසා රෝගීන්ට වැයවන මුදල ඉහළ යාම හේතුවෙන් රජයේ රෝහල් වල පෙට් ස්කෑනර් ක්‍රියාවලිය සීමා වී තිබිණ.

පෞද්ගලික රෝහලක මෙම පෙට් ස්කෑනර් පහසුකම වෙනුවෙන් රු.285000 ක් පමණ වැයවන නමුත් ඉන්දියාවේ මෙය රු.40000 පමණ අඩු මුදලක් වැය වෙයි. අත්සන් තැබූ ගිවිසුම් හරහා පෙට් ස්කෑන් පරීක්ෂණයක් වෙනුවෙන් වැයවන මුදල රජයේ සහ පෞද්ගලික රෝහල්වල අඩුවීම සහ ස්කෑන් පරීක්ෂණය ප්‍රමාණය වැඩිකිරීමට හැකියාව ලැබෙනු ඇති.

Related posts

டிசம்பர் 7 ஆம் திகதி ஜனாதிபதித் தேர்தல்

Mohamed Dilsad

Alex Hales withdrawn from England World Cup squad

Mohamed Dilsad

Bribery Commission to get international support

Mohamed Dilsad

Leave a Comment