දේශීය

මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අගමැති කියයි

(UTV | කොළඹ) – වර්තමානයේ මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහ බැංකුවට ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවය.

මේ මොහොතේ මහ බැංකුවට තීරණ ගැනිමේ අවස්ථාව ලබාදිය යුතු අතර එමගින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විමසිලිමත්ව පසුවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (04) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව මේ වනවිට ගෙන ඇති තීරණ පිළිබඳව ඇතැම් පාර්ශ්වවල ප්‍රසාදය පළවී ඇති අතර තවත් පාර්ශ්වවල අප්‍රසාදයට පත්වී ඇති බවය.

විශේෂයෙන්ම බැංකු හරහා සිදුකරන ගණුදෙනු මත පමණක් භාණ්ඩ ආනයනය කළයුතු බවට මහ බැංකුව විසින් පැනවූ රෙගුලාසිය හේතුවෙන් ඇතැම් ආනයනකරුවන්ගේ අප්‍රසාදය පළවී ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ මහ බැංකුවේ අභිප්‍රාය වී ඇත්තේ උද්ධමනය පාලනය කර ගැනීමත්, විදේශ සංචිත ඉහළ නැංවීමත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

ජනපති සහ බ්‍රසීල ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

Leave a Comment