Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් කළ නොහැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට තීරණය කරයි

(UTV | කොළඹ) –

අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කරන බවද හෙතෙම සඳහන් කළේය. එම රියැදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබාගත යුතුය.

ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මීට අමතරව, අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කරයි.

Related posts

වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Sports Minister, Aravinda and Coca Cola throw weight behind Lankan team

Mohamed Dilsad

வடகொரியாவில் ஊட்டச்சத்துக் குறைபாட்டால் 11 மில்லியன் மக்கள் பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment