Trending Newsඑසැන පුවත්දේශීය

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ ට

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව ඊයේ (18) දින තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේ  අද ඊයේ (18)  හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අදහස් දැක් වු එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වී ජනාධිපතිවරණයේදි සහාය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තිරණය කළ බවයි.

වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසඳමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකඟ වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසීය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරිමට නියමිත බවද ජිවන් තොණ්ඩමන් මහතා පවසනවා. මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, එම පක්ෂයේ භාණ්ඩාගාරික ප.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහතුන්ද සහභාගි වුණා.

Related posts

Navy relief teams give vast assistance to clean drinking water wells in North

Mohamed Dilsad

அசாத் சாலிக்கு எதிராக நம்பிக்கையில்லாப் பிரேரணை

Mohamed Dilsad

ஒல்கொட் மாவத்தையில் உள்ள வர்த்தக நிலையம் ஒன்றில் தீ

Mohamed Dilsad

Leave a Comment