Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක්

(UTV | කොළඹ) –

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර, සාකච්ඡාවක් ඊයේ (18) පැවැත්වින. පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත් එම සත්‍ය කෙසේ හෝ සොයා බලා එයට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

මීට පෙර ද පොරොන්දු වූ ආකාරයටම පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය අනාවරණය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ඒ පිළිබඳව කාදිනල් හිමිපාණන් සිය ප්‍රසාදය පළ කළේය. කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා ද මුණගැසුන අතර, එහිදී සජිත් ප්‍රේමදාස මහතා ට ආශිර්වාද කළහ.

 

Related posts

Navy apprehends 8 Indian fishermen for poaching in Sri Lankan waters

Mohamed Dilsad

வெள்ளவத்தையில் அசாதாரண சூழ்நிலை: 9 பேர் வைத்தியசாலையில்

Mohamed Dilsad

கொழும்பு கோட்டை நோக்கி பயணிக்கும் புகையிரதங்களில் தாமதம்

Mohamed Dilsad

Leave a Comment