Trending Newsඑසැන පුවත්දේශීය

ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (17) ගෝලිය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමුළුව ඇමතීය.

බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූහ.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර එවන් තත්ත්වයක් තුළ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීය බවයි.

Related posts

අද කොළඹ පාගමන් වලට එරෙහිව අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

500 பாடசாலை கட்டடங்கள் ஒரே நாளில் இன்று மாணவர்களிடம் கையளிப்பு

Mohamed Dilsad

Andy Murray wins on Grand Slam comeback

Mohamed Dilsad

Leave a Comment