Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…

(UTV | කොළඹ) –

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට ඊයේ (14) සවස දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

බංග්ලාදේශයේ නීතිය හා සාමය රැකීමට යුනූස් මහතාට හැකිවනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් ආයෝජන කටයුතු සිදු කරන ලෙස තමා දැනුම් දෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණුවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම උපකාරයක්ම කරන බවටද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුමට ස්තුතිය පළ කර ඇති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා අවස්ථාවක් ලද විගස බංගලාදේශයට පැමිණ රට යථාවත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

Related posts

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

Mohamed Dilsad

Hurricane on track to skirt past Hawaii’s erupting volcano

Mohamed Dilsad

රන්ජන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment