Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

(UTV | කොළඹ) –

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (07) පැවැත්වුණ තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා ලබා දුන් තීරණය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

අදාළ ආන්දෝලනාත්මක තීන්දුව ලබා දීමට විනිසුරුවරයා විසින් කැමරා කෝණ දෙකක පමණක් උපයෝගී කරගත් බවයි, ක්‍රිකට් විචාකරයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මේ වනවිට අදාළ උඩපන්දුව ලබාගත් ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

එහි දී ශුබ්මන් ගිල් උඩ පන්දුව රැකගන්නා අවස්ථාවේ දී ඔහුගේ දෙපා හතරේ සීමාව ස්පර්ශ කර ඇති ආකාරයක් දැක්වෙනවා. ක්‍රිකට් නීති අනුව එවැනි අවස්ථාවක එය ලකුණු හයක් විය යුතුයි. කෙසේ වෙතත් තෙවන විනිසුරුවරයා විසින් එය දැවී යාමක් ලෙසට තීරණය කළේය.

කුල්දීප් යාදෙව් විසින් ක්‍රියාත්මක කළ 48 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී ලකුණු 59ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවි ගිිියේ, ශුබ්මන් ගිල් විසින් හතරේ සීමාව ආසන්නයේ දී ලබා ගත් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ දැවී යාම සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා ලෙස කටයුතු කළ පෝල් රයිෆල් ලබා දුන් තීන්දුව දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ. කෙසේ නමුත් එම තරඟය ලකුණු 110කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර, සමස්ත තරඟාවලියේ ජයග්‍රහණයද 2-0ක් ලෙස  ශ්‍රීලංකා කණ්ඩායමට හිමිවූහ.

Related posts

Bus topples into Hamilton Canal killing 3, injuring 19

Mohamed Dilsad

Former President says future of youth is at decisive point

Mohamed Dilsad

ஏழாவது நாளாகவும் தொடரும் பணிப்புறக்கணிப்பு போராட்டம்

Mohamed Dilsad

Leave a Comment