Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

(UTV | කොළඹ) –

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීයී. සහාය නිවේදිකාවක් ලෙස ඊට එක් වූ ඇය පිබිදෙන ගායක පරපුර වැනි අතිශ්‍යය ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළාය.

ඒ සියල්ලට වඩා ඇය විශේෂ වන්නේ මෙරට පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වීමයි. ජාතික රූපවාහිනියෙත්/ ස්වාධීන රූපවාහිනියෙත් ඇය සේවය කළාය. අභාවප්‍රාප්ත සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Related posts

Dutch doctor faces trial in landmark euthanasia case

Mohamed Dilsad

பாராளுமன்றம் வெள்ளிகிழமை(21) வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

டெங்கு நோயை கட்டுப்படுத்த Wolbachia பக்டீரியா

Mohamed Dilsad

Leave a Comment