Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන සාගර කාරියවසම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ දී ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්. එම ධුරය සඳහා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමටයි අදාළ රැස්වීමේ දී යෝජනා කර තිබේ.

එමෙන් ම පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන ලෙසට වන යෝජනාව ද සම්මත කරගෙන තිබිණ, එමෙන් ම ඉදිරි ජනාධිපතිවරණය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දිය යුතු බවට වන යෝජනාව ද සම්මත වූ බව සඳහන්.

අදාළ රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් කැඳවුම්කරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා නියෝජිතයන්, පළාත් පාලන අපේක්ෂකයින්, අනුබද්ධ සංවිධාන නියෝජිතයන් සහ ආසන සම්බන්ධීකරණ නියෝජිතයන් සහභාගී වූහ.

එහි දී ගනු ලැබූ තීරණ සියල්ල පසුගිය 02 වැනිදා හිටපු ජනාධිපති, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දුන් බවයි, කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

Monara

Related posts

තවත් ආසාදිතයන් 83 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ஜாகிர் நாயக்கிடம் பொலிஸார் பல மணி நேரம் விசாரணை; நாடு கடத்தப்படுவாரா?

Mohamed Dilsad

Leave a Comment