Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

මැලේසියාවට එරෙහි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී

(UTV | කොළඹ) –

ආසියානු ක්‍රිකට් 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ  මැලේසියාවට එරෙහි තරඟය ලකුණු 144 කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගත්හ. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීමට සමත් වුණි.

එහිදී චමරි අතපත්තු නොදැවී පන්දු 65කින්  ලකුණු 119ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් රැස් කළාය. චමරි අතපත්තු ලබාගත් 20-20 තරඟවලදී ලබාගත්, තෙවැනි  ශතකය මෙයයි.  චමරි අතපත්තුගේ ශතකයට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් විය.

ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මලයාසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 40ක් පමණි. පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් දවාගත්තාය

Related posts

මෙරට මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ සතුට

Mohamed Dilsad

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

Editor O

මන්ත්‍රී රාසමානික්කම්ට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment