Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝ එකක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ පවසනවා. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 750 – 850ත් අතර වන බව සඳහන්.

ඒ අනුව, නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් ඊයේ(08) රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ අතර රටපුරා එළවළු සිල්ලර වෙළෙඳසැල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයයක් රුපියල් 120ත් -150ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200-1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගනවා.

Related posts

“රිෂාඩ් සම්බන්දයෙන් නීතිපතිවරයාගෙන් විමසා, පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න”

Mohamed Dilsad

හංවැල්ලේ හිමි ඝාතනයට සම්බන්ධ තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාවේ ලක්ෂ 75ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක

Mohamed Dilsad

Leave a Comment