Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බවත්, අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළ බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එදා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම්, මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එම අදහස් පළ කළේය.  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම්ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදුන්හ.

Related posts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද සිට තාවකාලිකව වැසේ

Mohamed Dilsad

தொடரூந்து சாரதிகள் இன்று நள்ளிரவு முதல் தொழிற்சங்க நடவடிக்கையில்

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් කීපදෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment