Trending Newsඑසැන පුවත්දේශීය

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලංකිකයන්ට පොදු සමා කාලයක් – 10,000ක් පිටවෙලා

(UTV | කොළඹ) –

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස්, එරට වලංගු වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට ,එරටින් පිටවීමට කුවේට් රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ ” පොදු සමා කාලය ” භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදු කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාලය 2024 මාර්තු මස 17 දින සිට 2024 ජුනි මස 30 දින දක්වා කාලයක් ලබා දී තිබිණ.

එම කාලය තුළ ඉතා සරල ලියකියවිලි කීපයක් පමණක් පදනම් කර ගෙන , එරටින් පිටවීම සඳහා ” තාවකාලික ගමන් බලපත්‍ර ” ලබා දීම සිදු කළ අතර , මෙම කටයුතු සියල්ල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ එම තානාපති කාර්යාලයීය නිලධාරීන් සිදු කළේය.

එසේ කුවේට් රාජ්‍යයෙන් පිට වන ශ්‍රී ලාංකිකයන් හට ” විශේෂ වට්ටම් ” සහිත සහන මිළ ගණන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා ද , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුන්ටරයක් සහ තවත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතන කවුන්ටර් කීපයක් ද පිහිටුවා තිබූ බව ද , එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .

Related posts

Johnston Fernando further remanded until tomorrow

Mohamed Dilsad

கொழும்பு குப்பைகளை புத்தளத்திற்கு கொண்டு செல்ல இடைக்காலத் தடை

Mohamed Dilsad

சிரியா பள்ளிவாசல் மீது அமெரிக்கப் படை வான் தாக்குதல்!! 40-க்கும் அதிகமானோர் பலி – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment