Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය ගැන විශේෂ සාකච්ඡා කිහිපයක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට බලය හිමි වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) කැඳවා තිබේ. එමෙන්ම, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති බවයි .ජනාධිපතිවරණ වියදම් වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක මුදල් නිකුත් කිරීමට හැකි බව එහි ජ්‍යෙෂ්‍ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

Related posts

සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

விசாகப்பட்டிணத்திற்கான விமான சேவைகள் அதிகரிப்பு

Mohamed Dilsad

ஜப்பான் வர்த்தக கைத்தொழில் சபை பிரதிநிதிகள் குழு – ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment