Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

(UTV | කොළඹ) –

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට  හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබිණ. මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව  ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට  ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය. මේ වනවිට ඉරානය ලංකාවට අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද තේ මණ්ඩලයේ සඳහන් කරයි.

Related posts

எட்டம்பிட்டிய காட்டுப் பகுதியில் தீப்பரவல்

Mohamed Dilsad

க. பொ. த உயர்தரப் பரீட்சார்த்திகளுக்கு இவ்வாரம் அனுமதி அட்டைகள்

Mohamed Dilsad

இலங்கையில் பேஸ்புக் தடை?-அதிர்ச்சியில் இளைஞர், யுவதிகள்

Mohamed Dilsad

Leave a Comment