දේශීය

ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – තමන් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා, යුද්ධ හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ජීවන්ත පීරිස් පියතුමන් එම පෙත්සම මගින් සඳහන් කර තිබේ.

එමගින් සිය මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් එම පියතුමන් පෙත්සමෙන් වැඩිදුරට ත් ඉල්ලා ඇත.

Related posts

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

Editor O

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට

Mohamed Dilsad

සම්පත් අමරතුංග UGC නව සභාපති තනතුරට

Mohamed Dilsad

Leave a Comment