Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

(UTV | කොළඹ) –

තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා

රටට සහ සංස්කෘතියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි විය යුතු බවත් ඒ හරහා රටට ආදරය කරන අභිමානවත් මිනිසුන් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

අද රටේ පවතින්නේ ආර්ථික ප්‍රශ්නයක් බව බහුතර ප්‍රජාවගේ අදහස වී තිබෙනවා. නමුත් ඊට අමතරව ශ්‍රී ලංකාවේ මහජනතාව යහපත් මිනිසුන් ලෙස නිර්මාණය කිරීමේ වගකීම පවතින්නේ අපගේ අමාත්‍යාංශයටයි. යහපත් සමජයක් වෙනුවෙන් කටයුතු කිරීමට නිල වශයෙන් අවස්ථාව පවතින්නේ ද අපගේ අමාත්‍යාංශයට බව පැවසිය යුතුයි.

ඒ වගේම රටට සහ සංස්කෘතියට අවශ්‍ය කරන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි වුයේ නැහැ. මෙම ගැටීම සමඟ සමාජය මේ වන විට බරපතල ඛේදවාචකයකට තල්ලු වී තබෙනවා. මේ හරහා රටට ආදරයක් නැති සහ අභිමානයක් නැති මිනිසුන් පිරිසක් බිහි වී තිබෙනවා. එම තත්ත්වය තුළ රට වහල් දේශයක් බවට පත් විය හැකියි. එම නිසා ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා අප අමාත්‍යාංශය විසින් විවිධ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරා පළාත් පාලන ආයතනවල සේවය කළ දහසකට වැඩි පිරිසකට අද දිනයේ පත්වීම් ප්‍රදානය කෙරුණා. මෙය වසර ගණනාවක් පුරා පැවති අවශ්‍යතාවයක් වනවා. නමුත් ඇතැමුන් පවසන්නේ මෙය මැතිවරණයක් ඉලක්ක කරගනිමින් සිදු කරන ක්‍රියාවලියක් බවයි. නමුත් ඔවුන් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දහයකට වඩා ඉදිරිපත් කෙරුණා. එනම් මාස පහකට වඩා ඒ සඳහා උත්සාහ කළා.

ඒ වගේම එක්සත් රාජධානිය විසින් අප රටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් තිබෙනවා. ඒවා අතර තාරා දෙව්දුවගේ පිළිමය ද තිබෙනවා. ඒ අනුව එම පිළිමය ඇතුළු පුරා වස්තු රැසක් මෙරටට ගෙන ඒමට අප විසින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. එමෙන්ම නෙදර්ලන්තයෙන් ද එවැනිම භාණ්ඩ රැසක් අපට ලැබුණා.

තව ද අප රටේ ඇතැමුන් නිරතම පක්ෂ විපක්ෂ ලෙස බෙදී එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ හරි දේ හරි ලෙසක් වැරදි දේ වරදි ලෙසත් දකින පිරිසක් පමණයි. ඒ අනුව රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් අවශ්‍ය බව හැඟී යනවා.

Related posts

High powered Japanese delegation representing 70 firms here today

Mohamed Dilsad

Police ordered to take prompt legal action against hate crimes

Mohamed Dilsad

Ethiopian woman gives birth and sits exams 30 minutes later

Mohamed Dilsad

Leave a Comment