Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ පළමු මාස 05ට අල්ලස් පැමිණිලි 2000ක්

මේ වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2,138 ලැබී ඇති බව එම කොමිසම විසින් නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වේ. 2025 ජනවාරි මස 01 වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කාලය තුළයි එම පැමිණිලි ප්‍රමාණය ලැබී ඇත්තේ.

2024 වර්ෂයේ විමර්ශනයට ඉතිරිව තිබූ පැමිණිලි ද සමගින් මේ වන විට කොමිසන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221ක් වන බව සඳහන්.

ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර තිබේ. එමෙන්ම පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇත.

අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථකවූ වැටලිම් 25ක දී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර ඇති අතර එමෙන්ම අල්ලස් කොමිසම විසින් ගොණු කර තිබූ නඩුවලට අදාළව අදාළ කාලය තුළ හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව ඇත.

මේ අතර අල්ලස් කොමිසම විසින් ගොණු කර ඇති නඩු 272ක් මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි.

Related posts

பிரியாவிடை பேச்சில் மகிந்தவுக்கு நன்றி தெரிவித்த மலிங்க(photo)

Mohamed Dilsad

කබ්රාල් මුදල් කාරක සභාව හමුවට

Mohamed Dilsad

Royal go out favourites against Wesley

Mohamed Dilsad

Leave a Comment