Trending Newsඑසැන පුවත්දේශීය

මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් රාජපක්ෂ මාධ්‍යයට කළ ප්‍රකාශය

නුගේගොඩදී 21 වෙනිදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම  අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. . 

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත්  පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව සිටින බවයිි .

අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප විපක්ෂයේ  සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තවද, එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

“Abolition of death penalty, a victory of drug kingpins, criminals” – President

Mohamed Dilsad

Saudi Arabia may dig canal to turn Qatar into an island

Mohamed Dilsad

9 killed, dozens hurt as train hits locomotive, overpass in Turkey

Mohamed Dilsad

Leave a Comment