Trending Newsඑසැන පුවත්දේශීය

අතුරුගිරියේදී වසන්තට වෙඩි තැබූ සැකකරුවන් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) –

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්. වසන්ත පසුගිය 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූහ.

අදාළ වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය ඇය අතර තුවාල ලැබූ ඇය තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. එමෙන්ම මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

Related posts

Deadline to collect Electoral registers extended

Mohamed Dilsad

Excise Dept to axe synthetic toddy industry from today

Mohamed Dilsad

මත්පැන් බලපත්‍රධාරීන් ට, බදු පිළිබඳ එක්දින වැඩමුළුවක්

Editor O

Leave a Comment