Trending Newsඑසැන පුවත්දේශීය

විරුසරු කාඩ්පත හිමි රණවිරුවන්ට සහ පවුලේ සාමාජිකයන්ට රජයේ රෝහල්වලදී ප්‍රමුඛතාවයක්

(UTV | කොළඹ) –

රට වෙනුවෙන් ජීවිත පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදි ප්‍රමුඛතාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ සෘජු මැදිහත්වීමෙන් මෙම අවස්ථාව උදා කර දී තිබෙනවා.

සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදි ඇතැම් අවස්ථාවන් හිදි රණවිරුවන්ට ඇති වූ අපහසුතා පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවීමෙන් පසු ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කරන ලද සාකච්ඡාවේ ප්‍රථිපලයක් මත සෞඛ්‍ය සේවා ලබාදීමේදි විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය මත එම සේවාවන් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරනු ලබනු ඇති.

ඒ අනුව, රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද, රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිකාර කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

Related posts

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.

Editor O

நம்பிக்கையில்லா பிரேரணை; சுதந்திர கட்சி பிரதமருக்கு எதிராக வாக்களிக்கும்

Mohamed Dilsad

සියලු පක්ෂ මහලේකම්වරුන්ට හෙට මැතිවරණ කොමිසමට තැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment